BADIEE SAFFRON
සෆ්රොන් කියන්නේ ලෝකේ මිල අධිකම රූපලාවණ්ය ඖෂධයක් කීවොත් නිවැරදියි. අවංකවම කතාව ලෝකයේ පවතින ඉල්ලුමට සරිලන විදිහට සෆ්රොන් නිෂ්පාදනය වෙන්නේ නැහැ .ඉරාකයේ ඇෆ්ගනිස්ථානයේ ඉන්දියාවේ ප්රධානනම වැවෙන ශාකයකින් ලබාගන්නා රේණු කීපයක තමා මෙහි වැඩිම ඖෂධීය ගුණයක් රඳා පවතින්නේ. මාස තුනක කාලයක් වගේ සෆ්රොන්් පාවිච්චි කළොත් ඉතා ඉහළ ප්රතිඵලයක් ලබා ගන්නට පුළුවන්. නමුත් අපි අද කතා කරන්නේ ඒ ගැන නොවෙයි ඔයාලා fake සෆ්රොන් හඳුනාගන්න විදිය.
වෙළඳපොලේ මේක හඳුනාගන්න තාක්ෂණික ක්රමවේදයක් නැති නිසා හොර වෙළඳුන්ට හොර නිෂ්පාදකයින්ට මොනවා හරි විකුණලා මුදල් ගන්න පුලුවන් හැකියාව තියෙනවා.
අහුවීම ඔබගේ නොහැකියාව. ඔවුන්ගේ හැකියාව
මුදල් හෙවීම පමණක් මූලික වෙච්ච ලෝකේක මීට වඩා දෙයක්, සාධාරණයක් බලාපොරොත්තු වෙන්න අපහසුයි නමුත් දැනුවත්වීම තුළින් හොඳම දේවල් හොයාගන්න ඔබට හැකියාව ලැබෙනවා
මෙන්න මෙහෙමයි හොඳම සෆ්රොන් හඳුනාගන්න පුළුවන්.
අංක 1
ඔබ ළඟ ඇති සෆ්රොන් රේණු දිව මතුපිට තබා බලන්න එය පැණි රසනං fake.
අංක 2
සුවඳ බැලීම .කොහොමද සුවඳ බලන්නේ සුවඳ දන්නෙ නැතුව .නමුත් ඔබ දන්නවනේ මීපැණි වල සුවඳ .පිදුරු නැත්තං වියළි තණකොළ වල සුවඳ ඇත්තටම නියම සෆ්රොන් වල සුවඳ වියළි පිදුරු සහ මීපැණි වල සුවඳට සමාන සුවඳකින් යුක්ත වෙනවා.
අංක 3
සෆ්රොන් මද උණුසුම් වතුර භාජනයක දමා පොඩි වේලාවක් තබන්න. අනිවාර්යයෙන් වතුර භාජනය පාට වෙනස් වෙනවා හොර එකේ ඇත්ත එකේ දෙකේම මේ වැඩේ වෙනවා නමුත් මේ රේණු භාජනයෙන් එළියට ගත්තහම fake එකේ පාට ගොඩක් අඩු වෙලා තියෙනවා සහ කලින් තිබුණ තත්ත්වය හැඩය වෙනස් වෙලා තියෙනවා.
අංක 4
වීදුරුවකට වතුර භාජනයක් අරගෙන බේකින් සෝඩා ස්වල්පයක් එයට මිශ්ර කරන්න සෆ්රොන් රේණු තුනක් හතරක් මේකට දමන්න ජලය ළා රතු පැහැයක් ගන්නවා නම් fake .ජලය කහ පැහැයට හුරු තත්ත්වයකට පත්වෙනවා නම් මේක real
අංක 5
හොඳින් මතක තබාගන්න සෆ්රාන් රසයෙන් නොව සුවඳින් සහ ගුණයෙන් පමණක්ම අඳුනගන්න.